Sunday, October 13, 2013

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ


රුවන් වැකි

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ ලිපි මාලාවෙන් උපුටා ගත් අගනා
රුවන් වැකි පහත ලින්ක් එක ඔස්සේ බාගත කරගන්න.
මුද්‍රණය කර ප්‍රදර්ශනය කරන්න.
දුර්ලභ වූ උතුම් ධර්ම දානයක කොටස්කරුවන් වන්න.
ඒ හැම පාඨයක්ම ඔබ හැමගේ මෙලොව පරලොව යහපත පිණිසම හේතුවේවා!
තෙරුවන් සරණයි!

http://www.mediafire.com/.../RUWAN+WEKI+%28UPDATED%29.rar

Sunday, June 2, 2013

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ 5- යහපත් රාත්‍රියක්

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ
අතහැරීම-5
යහපත් රාත්‍රියක්
ඉදිරිපත් කිරීම- සුදත් චන්ද්‍රසේකර

 
පහත ලින්ක් එකෙන් බාගත කරගන්න.
YahapathRathriyak - download

පහත ලින්ක් එකෙන් online කියවන්න.
YahapathRathriyak - view

Friday, April 26, 2013

මීලග ධර්ම දේශනා



පූජනීය ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා පැවැත්වීමට නියමිත වූ විට

 ඔබව ඒ පිලිබඳ දැනුවත් කිරීමට කටයුතු සූදානම් කර ඇත.




පහත ලින්ක් එකෙන් අප ෆේස්බුක් පිටුවටද එක් වීම තොරතුරු දැනගැනීමට පහසුවක් වනු ඇත.
----> මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - facebook page


    Tuesday, April 9, 2013

    ශ්‍රේෂ්ඨතම දානය ධර්ම දානය වන්නේ ඇයි?

     ස්වාමින් වහන්සේගේ ධර්ම දේශණයක් ඇසුරිනි.
    මෙතනින් අහන්නhttp://www.youtube.com/watch?v=hHDkUzsCM8I


    "බුදු රජාණන් වහන්සේ කියනවා ලෝකයේ දානයන් අතරින් ‍ශ්‍රේෂ්ඨම දානය තමයි ධර්ම දානය කියලා.
    ධර්ම දානය නොදීම නිසා තමන්‍ට ධර්මය ලැබෙන්නෙ නැහැ හුඟක් වෙලාව‍ට.
    සමහරුන්‍ට ධර්මය වැඩක්ම නැහැනෙ,තේ‍රෙන්නෙ නැහැනෙ.නමුත් මනුස්සයො වෙලා ඉපදුනා.
    මනුස්සයො වෙලා ඉපදෙන්න කුසලයක් තියෙන්න ඕන.නැත්නම් මනුස්‍සයො වෙලා ඉපදෙන්නත් බැහැ.
    පෙර ජීවිතයේ මනුස්සයො වෙලා ඉපදිල ඉදල පින් දහම් කළා.බණත් ඇහුවා.ඒ නිසා මනුස්ස ජීවිතයක් ලැබුවා.නමුත් ඒගොල්ලො මේ ධර්ම දානය කියන එක දුන‍්නෙ නැහැ.අනුන්‍ට බණක් කියල දෙන්න,ධර්ම පොතක් දෙන්න වගේ දේවල් කළේ නැහැ.එහෙම වුණාම
    තමන්ට ධර්මය වැ‍ටහෙන්නෙ නැහැ.කොසොල් රජ්ජුරුවන්‍ට හි‍ටපු සංතිස්ස ඇමතිවරයා රහත් වෙන්න කලින් දවසෙ බීමත්ව හි‍ටියෙ හොඳටම.රජු ඔහුට සතියක‍ට රජකම දීල ඔහු අන්තඃපුරයේ බිස‍වුන් එක්ක හොඳට සතු‍ටු වෙවී හිටියෙ.ඒ බීමතින් ඉන්න වෙලාවක ඔහු බුදු රජාණන් වහන‍්සේ ලඟින්
    ඇතා පිටේ යනවා. බුදු රජාණන් වහන‍්සේ දැක්කාම ඇතා පි‍ටින්වත් බැස්සෙ නැහැ.එතකොට‍ බුදු රජාණන් වහන‍්සේ සංඝයාට කියනවා "මහණෙනි,ඔය ඇතා පිටින් යන ඇමතියා හෙට උදේ වීමට පෙර රහත් වෙනවා " කියලා.දැන්  එතකොට සංඝයා‍ට මේක ප්‍රශ්නයක් වුණා.මේ බීමත් කෙනෙක් කොහොමද හෙට උදේ  වෙද්දි රහත‍් වෙන්නෙ කියලා.ඔවුන් සිතුවා අවුරුදු ගණනක් බණ භාවනා කරලත්
     අප‍ට සෝවාන් වෙන්නවත් බැරි වුණා.එහෙම වෙද්දි ‍මේ බීමත් කෙනෙක් කොහොමද  හෙට උදේ  වෙද්දි රහත් ‍වෙන්නෙ කියලා.ඉතින් අර ඇමතියා අන්තඃපුරේ ඉන්න තමන් කැමතිම බිසව එක්ක සතු‍ටු වෙවී ඉද්දි ඇය එක පාර‍ටම මැරෙනවා පපුවෙ අමාරුවක් හැදිලා.මොහු‍ට ඒ ගැන ශෝකය ඇති වෙලා බුදු රජාණන් වහන්සේ ලගට ගියාම,බුදු ර‍ජාණන් වහන්සේ බණක් කියද්දි ඔහු එතනදිම රහත් වෙනවා.
    එතනදිම රහත් වෙලා ඔහු පිරිනිවන් පානවා අකුසල් විපාක දීලා.ඔහු ගිහියෙක් හැ‍ටිය‍ටමයි රහත්වෙන්නෙ.රජ ඇඳුම ඇඳගෙන ඉද්දි.නමුත් රහතන් වහන්සේ කෙනෙක්.කවුරුත් දන් නැහැ ඔහු රහත් වුණා කියලා.බුදු රජාණන් වහන්සේ විතරයි දන්නෙ.බුදු රජාණන් වහන්සේ කියනවා
    මේ දේහය පුච්චලා ඉතිරි වෙන ධාතුන්වලින් සෑයක් හදන්න කියලා.ඉතින් සෑයක් හදන‍්නෙ සාමාන්‍යයෙන් රහතන් වහන‍්සේලාටනෙ.ඉතින් ස්වාමින් වහන්සේලා අහනවා ඇයි‍ මේ සෑයක් හදන්නෙ ගිහියෙක්නෙ මැරුණෙ කියලා.එතකොට බුදු රජාණන් වහන්සේ කියනවා ‍"ඔව් ඔහු ගිහියෙක් තමයි ඒත් ඔහු
    අරිහත්භාවය‍‍‍ට පත් වෙලයි පිරිනිවන් පෑවෙ"කියලා.දැන්  එතකොට හාමුදුරුව‍න‍්‍ට මේක ප්‍රශ්නයක්,කොහොමද මේ බීල හිට‍පු කෙනෙක් අරිහත්භාවය‍‍‍ට පත් වුණේ කියලා.ඊයෙ හොඳ‍ටම බීල වෙරිමතින්නෙ හි‍ටියෙ.එතකොට බුදු රජාණන් වහන්සේ කියනවා මොහු කාශ්‍යප බුදු රජාණන් වහන්සේගෙකාලයේ මනුස්සයෙක් වෙලා ඉපදුනා.(කාශ්‍යප බුදු රජාණන් වහන්සේ අවුරුදු විසි දහසක් ජීවත්වුණ බුදු කෙනෙක්.ඒ කාලෙ මිනිස්සු අවුරුදු විසි දහසක්
    විතර ජීවත් වෙනවා.)ඔහු ජීවත් වුණේ පාරක හංදියක වගේ තැනක බුලත් විට කඩයක් වගේ ‍කඩයක් දාගෙන.කාශ‍‍්‍යප බුදු රජාණන් වහන්සේ වැඩ සිටින්නෙ ඒ පැත්තෙම  ස්ථානයක.ඉතින් ඔහු එහෙ‍ට ගිහිල්ලා කාශ‍‍්‍යප බුදු රජාණන් වහන්සේගෙන් බණ අහල පැහැදෙනවා.නමුත් සෝවාන් වෙන්නෙ නැහැ.
    පැහැදෙනවා .ආ‍යෙමත් බණ අහන්නවත් ‍සිල් ගන්නවත් මොකක‍ටවත් යන්නෙ නැහැ.ඔහු මොකද කරන්නෙ අර හංදියෙ ඉඳන් එතන‍ට එනහැම කෙනෙකු‍ටම කියනවා "අන්න බුදු රජාණන්  වහන්සේ අතන වැඩ ඉන්නවා  .ගිහිල්ල බණ අහන්න"කියලා.ඔහු අවුරුදු අවුරුදු විසි දහසම ඒක තමයි
    කරන්නෙ.ඔහු සිල් ගන්නවත් දන් දෙන්නවත් ගියේ නැහැ.අර දේ තමයි කළේ.ආපු මිනිස්සු දහස් ගණන් බණ අහල රහත් වුණා.සමහරු‍ සෝවාන් වුණා.සමහරු‍ අනාගාමී වුණා.දස දහස් ගණනක් මිනිස්සු නිවන් දැක්කා.නමුත් අර මනුස්සය‍ට මුකුත් වු‍ණේ නැහැ.

    බුදු ර‍ජාණන් වහන්සේ කියනවා අන්න ඒ කුසලය තමයි මොහු‍ට විපාක දුන්නෙ කියලා.ඔහු ශීලයක් නොරැක්කා‍ට අර දස දහස් ලක්ෂ ගණනක‍ට ශීලය රකින්න කළ උපකාරය ඔහු‍ට කුසල් විපාකයක් වුණා කියල බුදු රජාණන් වහන‍්සේ දේශනා කරනවා.


     සංසාරයේදි අන්න ඒ විදියේ  දේ නොකළ අය‍ට කොච්චර ධර්මය කිව්වත් ඔවුන‍්ට ඒවා වටින්නෙ නැහැ.ඒනිසා ලෝකයේ ‍‍ශ්‍රේෂ්ඨම දානය ධර්ම දානය බව තෙරුම් ගන්න.ඒකෙන්මයි අප‍ට මාර්ගය පාදල දෙන්නෙ.කොතන ගියත් ක්ෂණිකව ඒ මාර්ගය පාදල දෙනවා සංසාරයේදි.දැන් ඔබ කියනවනෙ
    මේ අහන බණ ගිහිල්ල බිරිඳට කියනවා කියලා.නමුත් සමහරු බිරිඳට තියා කාටවත්ම කියන්නෙ නැහැ,කැමති නැහැ කියන්න.ඉතින් ඒ නිසා තමන් අහන ධර්මය අනික් අය‍ටත් කියන්න.මොකද ඒක තමයි ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම දානය.ගිලන්පස ආහාර දාන වගේ නෙවේ.ප්‍රඥාව වැඩෙන්නේ ධර්ම දානයෙන්මයි.ඒ නිසා තමන් අහන ධර්මය තව කෙනෙකු‍ට කියන්න.තව කෙනෙකු‍ට බණ අහන්න සලස්වන්න.ඒක ගොඩක් උපකාරි වෙනවා ප්‍රඥාව වැඩෙන්න.
    ධර්ම මාර්ගයේ යන්නනම් ප්‍රඥාවයි වැඩෙන්න ඕන.ප්‍රඥාව තමයි අප‍ට මේ මාර්ගය පෙන්වන්නෙ.
    සමහරු හොඳ ව‍ටිනා බණ අහල යනවා.නමුත් අනෙක් අය‍ට ඒ ගැන කියන්නෙ නැහැ.අඩුම ගණනෙ තව කෙනෙක් තමන්ව හාමුදුරුවො ලඟට එක්කන් යන්න කිව්වත් එක්කන් යන්නෙ නැහැ.එයා කැමති නැහැ අනිත් කෙනා බණ අහනව‍ට.
    එනිසා කවදාකවත් එයා‍ට ඒ ධර්මයෙන් ප්‍රයෝජනයක් ලැබෙන‍්නෙ නැහැ.ධර්මයෙන් ප්‍රයෝජනයක් ලැබෙන‍්නෙ අනුන්‍ට ධර්මය දෙන තරම‍ට.
    අතහැරීමක් එතනදි වෙන්නෙ.ඒනිසා තමයි බුදු රජාණන් වහන්සේ කියන්නෙ ලෝකයේ දානයන් අතරින් ‍ශ්‍රේෂ්ඨම දානය තමයි ධර්ම දානය කියලා.සමහරුන්‍ට බණ ඇහුව‍‍ට දැනෙන්නෙ නැහැ.තේ‍‍රෙන්නෙ නැහැ.එතනින් ඉවරයි.අමතක වෙනවා.සමහර වි‍ට බණ අහද්දිත් වෙන දෙයක් ගැන හිතනවා.එහෙම වෙන්නෙ පෙර ජීවිතවලදි ධර්ම දාන දීල නැති නිසා."


    මෙතනින් අහන්නhttp://www.youtube.com/watch?v=hHDkUzsCM8I




    Tuesday, March 19, 2013

    මහ රහතුන් වැඩි මඟ ඔස්සේ 4 -යාගය

    මහ රහතුන් වැඩි මඟ ඔස්සේ
    අතහැරීම-4
    යාගය
    ඉදිරිපත් කිරීම- සුදත් චන්ද්‍රසේකර

     පහත ලින්ක් එකෙන් බාගත කරගන්න.
    Yagaya - download

    පහත ලින්ක් එකෙන් online  කියවන්න.
    Yagaya - view

    මහ රහතුන් වැඩි මඟ ඔස්සේ ග්‍රන්ථ/ලිපි pdf සංස්කරණ




    (2014 ‍-10-05 තෙක් ලිපි )




    අතහැරීම-1

    බාගත කරන්න
    Athaherima1 - download

    online කියවන්න
    Athaherima1 - view










    අතහැරීම-2 

    බාගත කරන්න
    Athaherima2 - download

    online කියවන්න
    Athaherima2 - view











    අතහැරීම-3

    සතර අපායෙන් මිදෙමු-1

    බාගත කරන්න
    Athaherima3 part1 - download

    online කියවන්න
    Athaherima3 part1 - view







    අතහැරීම-4
    යාගය

    බාගත කරන්න
    Yagaya - download

    online කියවන්න
    yagaya-view










    අතහැරීම-5
    යහපත් රාත්‍රියක්

    බාගත කරන්න
    YahapathRathriyak - download

    online කියවන්න
    YahapathRathriyak - view







    අතහැරීම-6

    බාගත කරන්න
    Athaherima 6 - Download

    online කියවන්න
    Athaherima6 - View










    අතහැරීම-7

    බාගත කරන්න
    Athaherima 7 - Download

    online කියවන්න
    Athaherima7 - View
    අතහැරීම-8

    බාගත කරන්න
    Athaherima 8 - Download









    අතහැරීම7 කොටසින් පසු ලිපි
    (දැනට 2014 ‍-03-23 සිට 2014 ‍-10-05 තෙක් ලිපි පමණි.දිවයින පුවත්පතෙහි තවම පල නුවූ නව ලිපි කිහිපයක්ද අඩංගු‍ වේ)

    බාගත කරන්න
    newarticles - download

    online කියවන්න
    newarticles - view













    මහ රහතුන් වැඩි මඟ ඔස්සේ  ඉංග්‍රීසි පරිවර්තන
    (English translations of  Maha Rahathun Wedi Maga Osse )

    On The Trail Of Arahath-Giving Up part 1

    read online
    GivingUp - View
    download
    GivingUp1 - download






















    ඉහත ලින්ක්ස් සම්බන්‍ධ ගැටලු ඇත්නම් කරුණාකර එ පිලිබඳව  දැනුම් දෙන්න :)